අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (21) සවස සිදු කෙරේ.
උන් වහන්සේ මෙරට ගීත කලාව පෝෂණය කිරීම උදෙසා සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ යතිවරයන් වහන්සේ නමකි. සරළ පද පෙළක් තුළ ගැඹුරු සමාජ ආර්ථික විවරණයක් සිදු කළ උන් වහන්සේ පීඩිත ජනතාව උදෙසා සහකම්පනයෙන් යුතුව නිර්මාණ කරනු ලැබීය. සමාජවාදීන්ගේ ජාත්‍යන්තර ගීතය ලෙස පිළිගෙන තිබෙන “සා දුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්” ගීතියේ රිද්මයට අනුව යමින් “පන්සලේ පල්ලියේ දහඩියෙන් අපි තැනූ – පිළිම දා ගැබ් පෙනේ ලෝකයක් දණ දැමූ” ගීතය රචනා කළ බව උන් වහන්සේ හෙළි කර තිබිණි.
මේ පිළිබඳව වැඩි විස්තර උන් වහන්සේ විසින් ම හෙළි කළ වීඩියෝ දෙකක් පහතින් පළ කෙරේ.
126








