ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු හවුල් ආණ්ඩුව කුමන්ත්‍රණකාරී ලෙස පළාත් පාලන මැතිවරණය නොපැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවරා තිබෙන නඩුව පංචන පුද්ගල විනිසුරු මඩුල්ලෙන් එක් වි නිසුරුවරයෙකු වන ප්‍රියන්ත ජයවර්ධන නොපැමිණිම හේතුවෙන් කල් දමා තිබේ.
විනිසුරු බුවනෙක අළුවිහාරේ සභාපතිත්වය දරන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියෙි අද (24) පෙරවරුවේ එම පෙත්සම් සලකාබැලීමට දින නියම කර තිබිණි. එහි පෙත්සම් කරුවන් වන ජතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනී අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති වෙනුවෙන් ජනධිපති නීතීඥ නයිජල් හැජ්, අධිනීතීඥ ශාන්ත ජයවර්ධන සහ ජ්‍යෙෂ්ඨ සුනිල් වටගල ප්‍රමුඛ නීතීඥ කණ්ඩායම අධිකරණය ඉදරියේ පෙනී සිටියහ.
එහෙත් එම පංචපුද්ගල විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙකු වන ප්‍රියන්ත ජයවර්ධන, විසුරුවා ඇති පළාත් පාලන ආයතන යළි කැඳවීම සඳහා ගෙනා පළාත් පාලන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති නඩුකරය විභාග කරන විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ලෙස කටයුතු කරන බැවින් එම නඩුවද අද පෙරවරුවේ කැඳවීමට යොදාගෙන තිබිණි. එමහේතුවෙන් පළාත් පාලන මැතිවරණය කල් දැමීම සමබන්ධ නඩුව විනිස්චය කිරීම වෙනුවෙන් ඔහු පැමිණ නොසිටියේය.
මීට පෙර පැවති නඩුවාරයකදීද අසනීප තත්වයක් හේතුවෙන් විනිසිරු ප්‍රියන්ත ජයවර්ධන නඩුවට නොපැමිනි නිසා නඩුව කල්දමන ලද අතර අද දිනයේද මෙසේ නඩුව කල්මන ලදී.
මෙි නිසා නැවත එම නඩුව වභාග කිරීම මෙම 26 දක්වා කල් තබා තිබේ.









