ජේ.ආර් කලු ලකීට බාරදුන් කොන්ත්‍රාත්තුව රනිල් සරත් විජේසේකරට බාරදීලාද?

ජේ.ආර් ජයවර්ධන පාලන සමයේ සිදුකරන ලද නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව අධිකරණ තීන්දු ලබා දුන් විනිසුරුවරුන්ට තර්ජනය කිරිමේ කොන්ත්‍රාත්තුව කලු ලකී ප්‍රමුඛ මැරයන්ට ලබා දුන් ආකාරයෙන්ම මේ වනවිට නීතිය පසිඳලන විනිසුරුවරුන් සම්බන්ධයෙන් විරෝධය දැක්වීමේ ජාතිවාදී කුමන්ත්‍රණයක් දියත් කිරීමට රනිල් වික්‍රමසිංහ පාලනය විසින් මන්ත්‍රී සරත් වීරසේකරට බාරදී ඇත්දැයි බරපතල සැකයක් මතු වී තිබේ.

විශේෂයෙන්ම කළු ජූලියට දශක 04ක් සම්පූර්ණ වන මේ මොහොතේ ආණ්ඩුවේ අනුග්‍රහය ලබමින් විවිධ ජාතිවාදී සහ ආගම්වාදී ක්‍රියාමාර්ගවලට පොහොට්ටු මන්ත්‍රීවරු සෘජුවම සහභාගී වන බව සරත් වීරසේකර කුරුන්දිමලේ පුරාවිද්‍යාත්මක භූමිය සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ගෙන යන ප්‍රචාරවලින් මෙම සැකය පිළිබඳ සමාජ සංවාදයක් හටගෙන වී ඇත.

බෞද්ධ පුරාවිද්‍යාත්මක එතිහාසික ස්ථානයක් ලෙස 1933 මැයි 12 වෙනි දින විශේෂ ගැසට් නිවේදනයකින් කුරුන්දිමලේ බෞද්ධ පුරාවිද්‍යාත්මක භූමිය අක්කර 78කින් වෙන් කර සංරක්ෂණ කලාපයක් බවට ප්‍රකාශයට පත් කර තිබේ. මෙය උදය රජුගේ කාලයේ සිට පැවත එන පුරාවිද්‍යාත්මක භූමියක් ලෙස සැලකේ. එම පුරාවිද්‍යාත්මක උරුමය තහවුරු කරමින් මුලතිව් දිසා අධිකරණ විණිසුරු විසින් දී තිබෙන විනිශ්චයට එරෙහිව මන්ත්‍රී සරත් වීරසේකර ජාතිවාදී පදනමකින් එම තීන්දුව ලබාදුන් විනිසුරු ඉලක්ක කරමින් විවිධ ප්‍රකාශ කරමින් සිටී.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයද මන්ත්‍රී සරත් විරසේකරගේ මෙම ක්‍රියාව හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහෙත් මන්ත්‍රී සරත් වීරසේකරගේ අනුදැනුම මත එම පුරාවිද්‍යාත්මක භූමියේ නව ඉදිරිකිරීම් සිදු කිරීමට කිසියම් පිරිසක් මැදිහත් වී ඇත. එම සංරක්ෂිත භූමිය සුරැකීමේ අධිකරණ නියෝගයට එරෙහිව යමින් ක්‍රියා කිරීම පිළිබඳව නීතීඥ සංගමයද දැඩි අවදානය යොමු වී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්