දින තුනක් ඇතුළත අම්බලන්තොට, සූරියවැව, හම්බන්තොට ප්‍රදේශවල සිදු වූ වන අලි ප්‍රහාරවලින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් එම ජනතිව අද (14) අම්බලන්තොට කොග්ගල්ල බස් නැවතුම් පොළ ආසන්නයේදී ජනතාව විරෝධතාවයේ නිරතවූහ.
වන අලි ප්‍රහරෙවලින් ජූනි 12 වෙනිදා දින රාත්‍රියේ දෙදෙනෙකු මියගොස් ඇති අතර ජූලී 10, 11 දෙදින තුළ තවත් මරණ දෙකක් සිදුව ඇත.
මෙසේ වන අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ අම්බලන්තොට, කොග්ගල්ල, කඩවර ප්‍රදේශයේද හා හම්බන්තොට කුරුළු උයන ආසන්නයේදී හා කටුවැව හන්දිය ආසන්නයේදීය.
වන ලින් සදහා වෙන් කළ කළමනාකරණ භූමිය සුරක්ෂිත කිරීමක් තවමත් ආණ්ඩුව විසින් සිදු කර නැති බවත් විරෝධතාවයේ නිරත ජනතාව පවසති.







4










