දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී සේවක අර්ථසාදක අරමුදලේ සහ සේවා නියුක්තියන්ගේ භාරකාර ආරමුදලේ මුදල් වෙනුවෙන් ආණ්ඩුව බලහත්කාරයෙන් ක්‍රියා කරන බවත් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවරා තිබෙන නඩු සම්බන්ධයෙන් පවා නොසලකා ක්‍රියා කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ආණ්ඩුවට චෝදනා නැගීය.
තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ මොහොතේ හඬ නැගීමට නොහැකි එම අරමුදල්වල හිමිකරුවන් වෙනුවෙන් FC166/2023 යටතේ ශ්‍රේෂ්ඨාකරණයට ගොනුකොට තිබෙන පෙත්සම ලබන 13 වෙනි දින විභාගයට ගැනීමට නියමිතව තිබියදි මෙවැනි විවාදයක් පැවැත්වීම පවා කළ නොහැකි බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ඔහු මේ බව පැවසූවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිණි.
2










