‘මුතු රාජා’ හෙට තායිලන්තයට

‘මුතු රාජා’ හෙට තායිලන්තයට

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ රඳවා සිටි ‘මුතු රාජා’ හස්තියා හෙට (02) උදෑසන තායිලන්තය බලා රැගෙන යාමට නියමිතය.

එම හස්තියා මෙරටින් රැගෙන යාම සඳහා තායිලන්තයේ ඇත්ගොව්වන් හතර දෙනෙකු සහ පශු වෛද්‍යවරයෙකු මෙරටට පැමිණීමට නියමිත බවත් එම පිරිස සමග මෙරට ඇත්ගොව්වෙකුද තායිලන්තය බලා පිටත්ව යන බවත් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත පවසයි.

මෙරට ඇත්ගොව්වා ‘මුතු රාජාට’ එම පරිසරය හුරුවන තුරු සහ හස්තියා ආරක්ෂිත නවාතැනකට රැගෙන යන තුරු දින කිහිපයක් හස්තියා සමග එරට රැඳී සිටීමට නියමිතය.

අද (01) මධ්‍යම රාත්‍රියේදී ‘මුතු රාජා’ දෙහිවල සත්වෝද්‍යානයේ සිට ගුවන් තොටුපොළට රැගෙන යාමට නියමිත අතර හෙට තායිලන්ත ගුවන්යානයකින් හස්තියා මෙරටින් පිටව යාමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්