ඇමති මණ්ඩලයට මහ බැංකු අධිපති ඇතුළු නිලධාරීන් විසින් දේශීය ණය ප්‍රතිව්‍යූහ ගත කිරීම පිළිබඳව තාක්ෂණික වාර්තාව ඉදිරිපත් කිරීමත් සමඟ ආචාර්ය නන්දලාල් වීරසිංහ කර තිබෙන ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී තිබේ.
මහ බැංකු අධිපතිවරයා පසුගිය 28 වෙනිදා ප්‍රකාශ කර තිබෙන්නේ ජූලි 04 වෙනිදා සිට භාණ්ඩාගාර බිල්පත් බැඳුම්කර බවට පත් කිරීමේ ක්‍රියාවලිය දියත් කරන බව ය.
එහෙත් අදාළ ප්‍රතිව්‍යූහ ගත කිරීම පිළිබඳව නිල කැබිනට් පත්‍රිකාවකට මේ දක්වා අනුමැතිය ලබා ගෙන නැති අතර මහ බැංකුව ඉදිරිපත් කළ තාක්ෂණික මාර්ග සිතියමට පමණක් අනුමැතිය ලබා දී තිබේ. එසේම, ඒ සම්බන්ධ පාර්ලිමේන්තු අනුමැතිය ද ලබා ගැනීමට පෙර මහ බැංකු අධිපති විසින් අදළා ක්‍රියාමාර්ග දියත් කිරීමේ කාල වකවානු ප්‍රකාශයට පත් කරන්නේ කෙසේදැයි බරපතළ සැකයක් මතුවී තිබේ.
10










