පාස්කු ප්‍රහාරය පිළිබඳව මූලික තොරතුරු හෙළිවී තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකළ බවට විවිධ විමර්ශනවලදී මේ වනවිටත් තහවුරු වී තිබෙන ජේෂ්ඨ පොලිස්පතිවරු කිසිවෙකු නව පොලිස්පති ලෙස පත් නොකරන්නැයි කොළඹ අදරදගුරු රංජිත් මැල්කම් හිමිපානන් ජනාධිපතිට ලිඛිතව දන්වා යවා ඇත.
මේ පිළිබඳව මුද්‍රිත මෙන්ම සමාජ මාධ්‍යවලද ප්‍රවෘත්ති පළකර ඇති අතර කාදිනල් හිමිගේ දැඩි අවධානය පිළිබඳ සංවාදයක් ද මතු වී තිබේ.
පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාව සිටි නිලන්ත ජයවර්ධන සහ එවකට කොළඹ ප්‍රදේශය බාර ජේෂ්ඨ පොලිස්පතිව සිටි දේශබන්දු තෙන්නකෝන් එම ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳව වගඋත්තරකරුවන් වී සිටී. මේ වනවිට හිස්ව තිබෙන පොලිස්පති ධුරය සඳහා විශේෂයෙන්ම දේශබන්දු තෙන්නකෝන් අදාළ දේශපාලනික සුදුසුකම් සම්පූර්ණ කර ගනිමින් සිටින බවට විවිධ වාර්තා පළවී තිබේ.










