පෙට්‍රල්, සුපර් ඩීසල් මිල ඉහළට

පෙට්‍රල්, සුපර් ඩීසල් මිල ඉහළට

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ සුපර් ඩීසල් මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇත. එම ඉහළ දැමීම අනුව එහි නව මිල වන්නේ රුපියල් 328කි.

එසේම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් ඉහළ දමා තිබේ. එම ඉහළ දැමීම අනුව එහි නව මිල වන්නේ රුපියල් 346කි.

එමෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20කින්ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 02කින්ද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 09කින්ද පහළ දමා ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්