යුක්රේන යුද්ධයෙන් තේරුමක් නැතිව ජීවිත අහිමිවීම නැවැත්විය යුතු බවත් ඒ වෙනුවෙන් තම භූමියෙන් කොටසක් කැප කිරීමට එරටට සිදුවනු ඇති බවටත් ආණ්දෝලනාත්මක ප්‍රකාශයක් ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රොයිටර් ප්‍රවත් සේවයට සඳහන් කර ඇත.
ඊයේ (29) දුරකථනය ඔස්සේ පැවති සංවාදයකදී හිටපු ජනාධිපති මෙම ප්‍රකාශය කර ඇති අතර ලෝකයේ දැඩි අවදායක් එම ප්‍රකාශය වෙත යොමු වූ බව විදේශ ප්‍රවෘත්ති සේවා වාර්තා කරයි. ඩොලඩ් ට්‍රම්ප්ගේ පසුගිය පාලන සමයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් සමග පසමිතුරු නොවන සම්බන්ධතාවයක් දිගටම පවත්වාගෙන යනු ලැබීය.
ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඩොලඩ් ට්‍රම්ප් නැවත ඉදිරිපත් කිරිමේ අපේක්ෂාවෙන් සිටියදී කර තිබෙන මෙම ප්‍රකාශය ගැන ලෝකයේ විශේෂ අවධානය යොමු වී ඇත. මේ වනවිට යුක්රේනය සඳහා ජෝ බයිඩන් පාලනය විසින් අවම වශයෙන් ඩොලර් කෝටි 7,500ක පමණ යුධ ආධාර ලබා දී ඇති පසුබිමක ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිගේ ප්‍රකාශය කෙරෙහි වැඩිදුර අවධානයක් යොමු වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.










