රනිල්, නන්දලාල් තර්ජනය EPF එකට බිහිසුනුයි – සාක්ෂි මෙන්න!

රනිල්, නන්දලාල් තර්ජනය EPF එකට බිහිසුනුයි – සාක්ෂි මෙන්න!

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දැරූ 2015 – 2019 කාලයේ ඩොලර් බිලියන 13කට ආසන්න විදේශ වාණිජ ණය ලබාගැනීමේ ප්‍රති විපාකයක් ලෙස මේ වනවිට ඩොලර් බිලියන 17ක විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීම වෙනුවෙන් දේශීය ණය ඩොලර් බිලියන 20ක් කපා හැරීම සම්බන්ධයෙන් සේවක අර්ථසාධක අරමුදලට යොදා තිබෙන පීඩණය අති විශාල බව අනාවරණය වේ.

මේ වනවිට සැලසුම්කර තිබෙන ක්‍රියාමාර්ග අනුව සේවක අර්ථසාදක අරමුදලට එල්ලවන බලපෑම පිළිබඳව මාධ්‍යවේදියෙකු මහ බැංකු අධිපතිවරයාට යොමු කළ ප්‍රශ්නයක් සහ එයට ලබා දුන් පිළිතුර රජයේ නිල වෙබ් අඩවියෙන් උපුටාගෙන පහත දැක්වේ.

“ප්‍රශ්නය

සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් රටේ විවිධ මත පළ වෙනවා. භාණ්ඩාගාර බිල්පත් ක්‍රමය හෝ යෝජනා කරන 30%ක බදු ක්‍රමය යටතේ හෝ අවසානයේ ලැබෙන මුදලට මොකද වෙන්නේ?

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා

දැනට ප්‍රතිලාභීයාට ලැබෙන මුදල ඒ ආකාරයෙන්ම වෙනසක් නොමැතිව පවතිනවා. ආයෝජනය කිරීමෙන් ලැබෙන පොළිය 9% ද ඒ ආකාරයෙන්ම ලැබෙනවා. ඒ අනුව දැන් තිබෙන තත්ත්වයයි, ඉදිරි තත්ත්වයයි අතර කිසිදු වෙනසක් නැහැ. හැබැයි සියයට 30 බදු මුදල නොගෙව්වොත් 9% ගෙවන්න බැරි වෙනවා. එවිට 7% හෝ 8% ක පොළිය තමයි හිමි වෙන්නේ.

එහිදී අපට සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන් වෙනුවෙන් ගතහැකි හොඳම තීන්දුව ගන්න සිදු වෙනවා. 9% ගෙවන්න පුළුවන් බව අප විශ්වාස කරනවා. ඒ වගේම අරමුදලේ එකතුවට කිසිදු හානියක් වෙන්නේත් නැහැ.”

මේ අනුව පැහැදිලි වන්නේ මෙම අරමුදල, ලබන ආදායම් මත 30%ක බදු මුදලක් පැනවීමට එකඟ නොවන්නේනම් ගිණුම් හිමියන්ට ලැබෙන පොලී ආදායම 7% දක්වා පහත දනමන බවය. මෙම තර්ජනය එල්ල වී තිබෙන්නේ පසුගිය 2022 වසරේදී එම අරමුදල ලබා ගන්නා ලද ශුද්ධ ආදායම 11.7%කින් පහත වැටී තිබෙන පසුබිමකය. එම වසරේ එහි ශුද්ධ ආදායම රුපියල් කෝටි 26,410ක් වූ බව මහ බැංකු වාර්තාවේ දැක්වේ.

එම ශුද්ධ ආදායමට 30%ක බද්ධක් ගැසුවහොත් ආණ්ඩුව ලබාගතහැකි ආදායම රුපියල් කෝටි 7,923කි. එහෙත් 2022 වර්ශයේදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් අය කර ගත හැකිව තිබියදී අය කර නොගත් බදු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 90,400ක් බව මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවට විගණකාධිපති එක්කර තිබෙන වාර්තාවේ සඳහන් කර ඇත.

මේ අනුව සේවක අර්ථසාදක අරමුදල ඇතුළු විශ්‍රාමික අරමුදල්වලට දැඩි බලපෑමක් එල්ල කරන ආණ්ඩුවේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය තුළ මහ පරිමාණ බදු ජාවාරම් කරුවන් කෙරෙහි කිසිදු අවදානයක් යොමු නොකර ජනතාව මත තවත් පීඩණය පටවන බව පැහැදිලි වී තිබේ.

Facebook
Twitter
LinkedIn