දකුණු පළාතේ පාසල්වල විදුහල්පති තනතුරේ පුරප්පාඩු 323ක් පවතින බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ පවසයි.
විදුහල්පතිවරුන් 1,523 දෙනෙකු සිටිය යුතු වුවත් දැනට සිටින්නේ විදුහල්පතිවරුන් 978 දෙනෙකු පමණක් බවද ඔහු පෙන්වා දෙයි.
මෙම පාසල්වල විදුහල්පති තනතුරු සඳහා වැඩබලන විදුහල්පතිවරුන් පත්කොට ඇති බවත් අධ්‍යාපන නිලධාරීන්ගේ පුරප්පාඩු 60ක් පමණ පවතින බවත් ඔහු පවසයි.
අධ්‍යාපන නිලධාරීන් 223 දෙනෙකු සිටිය යුතු වුවත් දැනට සිටින්නේ, 174 දෙනෙකු බවද ආණ්ඩුකාර විලී ගමගේ සඳහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ග්රේණිධාරි විදුහල්පතිවරුන් පත්කොට පළාත් සභාව වෙත මුදාහැරියහොත් විදුහල්පති පුරප්පාඩුව ඇති පාසල් සඳහා එම විදුහල්පතිවරුන් පත්කළ හැකි බවද ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ වැඩිදුරටත් සඳහන් කරයි.
Views: 0










