ආණ්ඩුව මේ වනවිටත් දේශීය ණය කපාහැරීම පිළිබඳ සැලසුම් අවසන් වශයෙන් ඉදිරිපත් කර නැතත් විදේශ ණය ඩොලර් බිලියන 16.9ක් ප්‍රතිව්‍යූහගත කිරීම වෙනුවෙන් දේශීය ණය ඩොලර් බිලියන 19.8ක් ප්‍රතිව්‍යූහගත කිරීමට සූදානම් වන බව තහවුරු කර තිබේ.
ආණ්ඩුවේ එම සැලසුම පිළිබඳව මෙයට පෙර ලංකාටෘත් හෙළි කර තිබූ අතර ඊයේ (29) රාත්‍රියේ රජයේ නිලධාරීන් සහභාගී වූ මාධ්‍ය හමුවේදී මේ බව තහවුරු කර ඇත. විදේශ නය ප්‍රතිව්‍යූහගත කළ යුතු ප්‍රමාණය පිළිබඳව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ කරුණු දක්වා තිබිණි. රජයේ නිල වෙබ්අඩවිය එය වාර්තා කර තිබෙන්නේ “මෙම ඉලක්ක ළඟා කර ගතහොත් බාහිර මූල්‍ය පරතරය (external financing gap) පිරවීමට ලැබෙන සහනය, අමෙරිකානු ඩොලර් බිලියන 16.9 කින් අඩු වෙනවා. මේ ඉලක්ක තුන ළඟා කර ගැනීමේදී සිදුකළ යුතු තවත් කාරණා තුනක් තිබෙනවා.” යනුවෙනි.
එයට පූර්වගාමීව දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරිම පිළිබඳව කරුණු දැක්වූයේ ජනාධිපති ජනාධිපති ජ්‍යෙෂඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංගය. ඔහුගේ එම ප්‍රකාශය රජයේ නිල වෙබ් අඩවියේ සඳහන් වන්නේ “අද අප කතා කරන දේශීය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 42.1 යි. එයිනුත් ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කර ගන්නේ බිලියන 19.8ක ප්‍රමාණයක්. එයට ශ්‍රී ලංකා මහ බැංකුව , වාණිජ බැංකු සහ අනෙකුත් බැංකු, සේවක අර්ථ සාධක අරමුදල සහ රජයට ණය සපයා ඇති වෙනත් ආයතන 04ක් ඇතුළත් වෙනවා.” යනුවෙනි.
ආශ්රිත පුවත් – දේශීය ණය කපා හැරීම – මේ වනවිට තහවුරු වූ කරුණු මෙන්න










