ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු සහ නියෝජිතායතන අලුත් කිරීමේ ගාස්තු හෙට (01) සිට ඉහළ දැමීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය තීරණය කර ඇත.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති නියෝගය පරිදි නව ගාස්තු වන්නේ,
මෙතෙක් රුපියල් 17,928ක්ව පැවති විදේශ රැකියා ලාභීන් කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ ගාස්තුව හෙට සිය රුපියල් 21,467ක් දක්වාද මෙතෙක් රුපියල් 3,774ක්ව පැවැති ලියාපදිංචිය නැවත අලුත් කිරීමේ ගාස්තුව රුපියල් 4,483ක් දක්වාද ඉහළ දමා තිබේ.
එමෙන්ම මෙතෙක් රුපියල් 58,974ක්ව පැවති විදේශ රැකියා නියෝජිතායතනයක බලපත්‍රය අලුත් කිරිමේ ගාස්තුව හෙට සිට රුපියල් 117,949ක් දක්වා ඉහළ දැමීමට කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශයපියවර ගෙන ඇත.
Views: 0










