නාමයෝජනා අවලංගු කරන්න කියන විපක්ෂයේ මන්ත්‍රීවරු කවුද? හරිනි, වක්කුඹුරගෙන් අසයි

නාමයෝජනා අවලංගු කරන්න කියන විපක්ෂයේ මන්ත්‍රීවරු කවුද? හරිනි, වක්කුඹුරගෙන් අසයි

ඡන්දය පැවැත්වීම කල් දමා ඇති පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඉල්ලා ඇතැයි පළාත් පාලන රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර ඊයේ (29) ප්‍රකාශ කර තිබූ අතර එලෙස නාමයෝනා අවලංගු කරන ලෙස ඉල්ලා ඇති විපක්ෂයේ මන්ත්‍රී කවුරුන්දැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හරිනී අමරසූරිය රාජ්‍ය ඇමති ජානක වක්කුඹුරගෙන් ප්‍රශ්න කරයි.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හරිනී අමරසූරිය රාජ්‍ය ඇමති ජානක වක්කුඹුරට අවධාරණය කරන්නේ ඇමතිවරුයෙකු වූ පමණින් අවාට ගියාට වදන පාවිච්චි කළ නොහැකි බවත් පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කරන්නැයි ඉල්ලා සිටි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නම් හෙළි කරන ලෙසත්ය.

ජාතික ජන බලවේගය දිගින් දිගටම මැතිවරණට පවත්වන් ලෙස ආණ්ඩුවට බලකරමින් සිටින බවත් මෙන්ම ඊට අදාල අධිකරණමය ක්‍රියාමාර්ගවලද නිරතව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හරිනී අමරසූරිය රාජ්‍ය ඇමතිට සිහිපත් කර සිටී.

ආශ්‍රිත පුවත් – නාම යෝජනා අවලංගු කරන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරුත් ඉල්ලනවා – ජානක වක්කුඹුර

Facebook
Twitter
LinkedIn