ආණ්ඩුව විදේශීය ණය කපා හැරීම පිළිබඳව පමණක් මුලදී රටට හෙළිකර කඩිමුඩියේ මෙම සති අන්තයේදී ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග අනුමත කර ගැනීමට ගෙනියන කඩිනම් වැඩපිළිවෙල තුළ පවතින මෙතෙක් හෙළිවී තහවුරු වු කරුණු පහත දැක්වේ.
- 1. ඊයේ (28) මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර නැති අතර මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ අදාළ දත්ත වාර්තාවක් (presentation) පමණක් ඉදිරිපත් කර ඇත.
- 2. රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබූ පරිදි විදේශ ණය ඩොලර් බිලියන 17ක් පත්‍රව්‍යූහගත කිරීමට දේශීය වශයෙන් ගෙන තිබෙන ණය ඩොලර් බිලියන 19.8ක් ප්‍රතිව්‍යූහ ගත කිරීම.
- 3. EPF සහ ETF ඇතුළු අරමුදල්වලට ලබා දෙන පොලිය 2025 දක්වා 12%ක් ද, ඉන් පසුව 9%ක් ද දක්වා කපා හැරීම. එහෙත් මහ බැංකුව තබා ගෙන තිබෙන භාණ්ඩාගාර බිල්පත්වලට පසුගිය කාලයේ 33% දක්වා පොලියක් ලබා ගත් අතර මේ වනවිට ද 17%ක පොලියක් ලබා ගැනීම.
- 4. මෙම අරමුදල්වලින් දැනට අය කරන බදු මුදල වන 14% ක ප්‍රතිශතය 30% දක්වා දෙගුණයකට වඩා වැඩි කිරීමට සූදානම් වීම.
- 5. මහ බැංකු අධිපතිවරයා මෙම අරමුදල් සම්බන්ධයෙන් “දැනට පවතින EPF ශේෂයට බලපෑමක් නොවන බව“ ප්‍රකාශ කර තිබීම.
Views: 0










