ගිනිගත් X- Press Pearl නෞකාවෙන් ගිලිහි සරක්කුව වෙරළට කළු පැහැති තෙල් හා තාර වැනි යම් ඝන ද්‍රව්‍යයක් ගසා ගෙන එන බව නිරීක්ෂණය වූයේ යැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
එම ද්‍රව්‍ය වෙරළ තීරයෙන් ඉවත් කොට තෙල්, තාර වැනි ඝන ද්‍රව්‍ය කුමක්ද යන්න නිශ්චිතවම හඳුනා ගැනීම සඳහා ඒවායේ අදාළ සාම්පල විද්‍යාගාර වෙත යොමු කළ බවත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය ඇතිව ඒ අවට සාගර කලාපය නිරීක්ෂණය කිරීමට පියවර ගෙන ඇති බවත් එම අධිකාරිය සඳහන් කරයි.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මීගමුව වෙරළ කලාපය ආශ්රිත ප්‍රදේශයේ දිනපතා සිදු කරන නිරීක්ෂණ කටයුතුවලදී ජුනි 28 උදෑසන මෙම ඝන ද්‍රව්‍යය සරක්කුව වෙරළට ගසා ගෙන එන බව නිරීක්ෂණය වූ බවත් එම තෙල් තාර වැනි ඝන ද්‍රව්‍ය සරක්කුව වෙරළ තීරයේ සිට මීගමුව වෙරළ තීරය දක්වා විහිදී ඇති බවත් සරක්කුව සිට දුන්ගල්පිටිය දක්වා වෙරළ තීරය අතර ප්‍රදේශයේ වැඩි වශයෙන් මෙම ද්‍රව්‍ය දක්නට ලැබෙන බවත් නිරීක්ෂණය වූ බව එම අධිකාරිය සඳහන් කරයි.










