උදරයේ අබාධායක් සඳහා ප්‍රථිකාර ගැනීමට රාගම රෝහලට ඇතුළත් කළ 23 හැවිරිදි එක් දරු මවකට රෝහලෙන් ලබා දී ඇති එන්නතකින් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ පලිහවඩන ආරචිචිගේ හංසිකා සජානි පෙරේරා නැමති ජාඇල උතුරු බටගම පදිංචිව සිටි පෞද්ගලික ආයතනයක සේවයකරණ ගනකාධිකාරි වරයෙකුගේ බිරිදකි.
හදිසි මරණ පරීක්ෂක එස්.පී.ඩී.එන් සේනානන්ද ඉදිරියේ රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය ජේ.සී.බි පොලොන්වල විසින් එම රෝහලේදි හදිසි මරණ පරික්ෂණය පවත්වා ඇති අතර එම මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ එන්නත ලබාදීමෙන් පසු ඇති වූ අසාත්මිකතාවයක් හේතුවෙන් ඇය මිය ගොස් ඇති බවය..
ඇයට මෙම එන්නත ලබා දී ඇත්තේ කාන්තාවගේ ශරීරයට විෂබීජයක් ඇතුළු විම නිසා එයට ප්‍රථිකාර වශයෙනි.
Views: 0










