සමස්ත සෞඛ්‍යයම විනාශ කිරීම ගැන වෛද්‍යවරුන්ගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

සමස්ත සෞඛ්‍යයම විනාශ කිරීම ගැන වෛද්‍යවරුන්ගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

ඖෂධ න්‍යාමන අධිකාරියේ සාමාජිකයින් 23 දෙනෙකු හිටිහැටියේ මාරු කර එම අධිකාරිය අකර්මන්‍ය කරමින් රටේ සමස්ත සෞඛ්‍ය පද්ධතියම විනාශ මුඛයට ඇද දමා තිබීම වලක්වාලන්නට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල කිරිමට පවා සිදු වූ බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නිලධාරීන් විසින් මහජනතාව හමුවේ කරුණු සහිතව හෙළි කර තිබේ.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියත්න, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සහ විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් අද (28) පැවැති මාධ්‍ය හමුවකදී මෙම කරුණු දැක්වීය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය 2022 අප්‍රේල් මාසයේදී එවකට හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂට දැඩි ඖෂධ හිගයක් ඇති වීම වැලැක්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලීම් කර තිබේ. ඒ සඳහා අනුගමණය කළ යුතු විසඳුම් ක්‍රියාමාර්ගය එම සංගමය විසින් ගෝටාබය ජනාධිපතිට ලිඛිතව ඉදිරිපත් කර තිබී ඇත. එහෙත් ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවද ඉන්දීය ණය ලබා ගනිමින් මෙම වර්ශය සඳහාද ප්‍රමාණවත් ඖෂධ ගෙන්වන බව ප්‍රකාශ කළේ යැයිද මෙම මාධ්‍ය හමුවේදී ඔවුන් හෙළි කරනු ලැබීය.

ඉ පසුව මෙම වසරේ ජනවාරි 16 වෙනි දින රනිල් වික්‍රමසිංහ ජනාධිපති සහ මුදල් ඇමතිටද පවතින තත්වය පිළිබඳව බැරෑරුම්ව අවධානය යොමු කරන ලෙස ලිඛිතව දැනුම් දී එදිනම ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා මහජනතාවටද කරුණු හෙළි කළ බව ඔවුන් ප්‍රකාශ කරනු ලැබීය. ඖෂධ මිලදී ගැනීම සඳමහා ප්‍රමාණවත් මුදල් වෙන් කරන ලෙස දිගින් දිගටම දන්වා සිටියද ඒ ගැන කිසිදු සාදනීය ප්‍රතිචාරයක් නොදක්වන බව මෙහිදී අවධාරණය කෙරණි. මේ වනවිට ඖෂධ ප්‍රමිතිය ගැනද බරපතල ගැටලු මතු කර අත්‍යාවශ්‍ය ඖෂධ 800කට අධික හිගයක් පැවතීමට ඉඩ හැර ඇතැයි වැඩිදුරටත් මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කරන ලදී.

Facebook
Twitter
LinkedIn