රනිල් හදිසියේම මෙරට වාණිජ බැංකු පනතටත් අත තියන්නේ ඇයි?

රනිල් හදිසියේම මෙරට වාණිජ බැංකු පනතටත් අත තියන්නේ ඇයි?

දින 05ක් රටේ බැංකු පද්ධතියම වසා දමා දේශීය ණය කපා හැරීමේ ක්‍රියාවලියට මුල පුරා තිබෙන පසුබිමක මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ විසින් 1988 අංක 30 දරණ බැංකු පනත සංශෝධනය කිරීමට හදිසියේ කැබිනට් අනුමැතිය ගෙන තිබෙන්නේ ඇයිදැයි දැඩි සැකයක් මතු වී තිබේ.

මේ පිළිබඳව මාධ්‍යවේදියෙකු අද (28) ශර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගෙන්ද ප්‍රශ්න කර තිබුණු අතර ඔහු පිළිතුරු දී තිබුණේ මෙයට පෙර ගෙන ඒමට සූදානම් වූ සංශෝධනයක් ගෙනවිත් තිබෙන බවය.

මේ අතර ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාහාචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කර තිබුණේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමෙන් බැංකුවල ප්‍රාග්දනයට යම් බලපෑමක් ඇතිවුවහොත් කොළඹ කොටස් වෙළෙඳපොල හරහා විශේෂයෙන්ම රාජ්‍ය බැංකු ප්‍රාග්ධනය නැවත ගොඩනගා ගැනීමට ඉඩ ඇති බවය. එවැනි අවස්ථාවකදී කළු සල්ලි ජාවාරම්කරුවන්ගේ මුදල් යොදවා රාජ්‍ය බැංකුවල කොටස් මිලදීගැනීමේ හැකියාව පවතින බව අනාවරණය කරනු ලැබීය.

මහාචාර්යවරයා එම මාධ්‍ය හමුවේදී සඳහන් කර තිබුණේ “මහජන බැංකුව යටතේ පීපල්ස් ෆිනෑන්ස් කොම්පැනිය තිබෙනවා. මහජන බැංකුව සතු, මෙම ෆිනෑන්ස් සමාගමේ කොටස් 33%ක් රුපියල් කෝටි හාරසිය විස්සකට ජනශක්ති ලිමිටඩ් ආයතනයට විකුණා තිබෙනවා. ජන ශක්ති සමාගමේ කොටසක මූල්‍ය අගය රුපියල් 20ටත් අඩුවෙන් තිබෙන්නේ. එසේ තිබියදී පීපල්ස් ෆිනෑන්ස් කොම්පැනියේ කොටස් මිලදී ගන්නේ රුපියල් 37.10 බැගින්. මෙවැනි ගනුදෙනු ගැනත් මහජනතාව විශේෂ අවධානය යොමු කළ යුතුයි.” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn