දේශීය ණය කපා හැරීම සම්බන්ධයෙන් කිසිදු විනිවිද භාවයකින් තොරව ක්‍රියාකරණ ආණ්ඩුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බැඳුම්කර කෙරෙහි මූලික අවධානය යොමු කර ඇති අතර ඒ මගින් බැංකු පද්ධතියට 44% ඉක්මවූ කම්පනයක් සහ සේවක අර්ථ සාධක අරමුදලට 42% ඉක්මවූ කම්පනයක් සිදුවන බවට තොරතුරු අනාවරණය වේ.
භාණ්ඩාගාර බැඳුම්කර මගින් පසුගිය වසර අවසන් වන විට රුපියල් කෝටි 872,200ක් ණය ලබාගෙන තිබිණි. එයින් 44% ඉක්මවූ ප්‍රමාණයක් මෙරට පෞද්ගලික සහ රාජ්‍ය යන දෙඅංශයේම බැංකු පද්ධතියෙන් සමන්විතය.
ඊට අමතරව සේවක අර්ථ සාධක අරමුදල ලබාදී ඇති ණය ප්‍රමාණය 43%කට ආසන්නය. මෙම බැඳුම්කරවලින් බැංකු පද්ධතිය සාමාන්‍ය වශයෙන් වර්ෂයකට එහි ආදායමෙන් 36%ක් පමණ පොලී ලබා ගන්නා බවද හෙළි වී ඇත.
භාණ්ඩාගාර බිල්පත් මගින් ආණ්ඩුව පසුගිය වසර අවසන් වනවිට රුපියල් කෝටි 412,600ක ණය ලබාගෙන ඇති අතර එයින් 62.4%ක් ණය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව ය. මෙම දත්ත අනුව භාණ්ඩාගාර බැඳුම්කරවලින් ආණ්ඩුව ලබා ගෙන තිබෙන ණය ප්‍රතිව්‍යූහගත කිරීමට සූදානම් වන බව පුරෝකතනය කර තිබේ. බැඳුම්කර ණය දිගුකාලීනව ආපසු ගෙවිය යුතුවීම මෙම තීරණය ගැනීමට මූලික පදනමයි.
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මේ දක්වා ජනතාවට ප්‍රකාශ කර තිබෙන්නේ බැංකු පද්ධතිය පිළිබඳ කරුණු පමණක් වන අතර මහජන තැන්පතුවලට හෝ ලැබෙන පොලී අනුපාතිකවලට කිසිදු අගතියක් සිදු නොවන බව ප්‍රකාශ කර ඇත.










