කැබිනට් තීරණ දැනුම් දීම සඳහා සතියේ අඟහරුවාදා දින උදේ කාලය වෙන් කරගෙන තිබුණද ඊයේ (27) එම මාධ්‍ය හමුව පවත්වා නැත.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන හෝ වෙනත් ඇමතිවරයෙකුගේ මූලිකත්වයෙන් එය නොපවත්වා පළා ගොස් ඇත්තේ රට තුළ උද්ගත කෙරෙමින් පවතින ව්‍යාකූලත්වය පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීමට ඉඩ ඇති නිසා බව ආණ්ඩුවේ ආරංචි මාර්ගවලින් හෙළි වේ.
විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍යවලින් බැංකු සහ කොටස් වෙළෙඳපොල දින 05ක් වසා දැමීම, දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම සහ සති අන්තයේ හදිසි පාර්ලිමේන්තු සැසිවාරයක් පැවැත්වීම මූලික කර ගනිමින් රට තුළ හට ගෙන ඇති ව්‍යාකූලත්වය පිළිබඳව නිල වශයෙන් පිළිතුරු ලබා ගැනීමට අපේක්ෂාවෙන් පසුවිය. එහෙත් කැබිනට් තීරණය සම්බන්ධයෙන් සාරාංශ නිල නිවේදනය නිකුත් කර මාධ්‍ය හමුව අවලංගු කර තිබිණි.
2









