ආර්ථිකය බංකොලොත්භාවය හෙළීමත් සමග අන්ත දිළිඳු තත්වයට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට මුල පුරා මේ වනවිට වසරක් ආසන්න වී තිබුණද දැන් ක්‍රියාත්මක කරන අස්වැසුම තවත් ජනතාව පීඩාවට පත් කරන රනිල් පොහොට්ටු ආණ්ඩුවේ නොමග යැවීමක් බව හෙළි වේ.
මෙම සුභසාධන ලබාදීම වෙනුවෙන් අදාල පිරිස් තෝරා ගැනීම සම්බන්ධ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙන්නේ පසුගිය 2022 වසරේ අගෝස්තු මාසයේදීය. ඒ පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස තෝරාගෙන මාසයක් ගත වීමටත් පෙරය. ඉන් පසුව 2022 නොවැම්බර් මාසයේ රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අයවැය කතාවේදී සඳහන් කර තිබෙන්නේ මෙම වසරේ අප්‍රේල් මාසයේ මුල සිට පීඩාවට පත් ජනතාව සියලු දෙනාට ආර්ථික සහන සලසන බවය.
නමුත් ලබන ජූලි 01 සිට අස්වැසුම යෝජනා ක්‍රමය නමින් අන්ත පීඩාවට පත් ජනතාවට සහන ලබා දෙන බව ප්‍රචාරය කර තිබුණද එය ක්‍රියාත්මක කිරීමට අදාළව බරපතල ගැටලු රැසක් මේ වනවිට නිර්මාණය වී තිබේ. අති විශාල පිරිසකට මේ දක්වා ලැබුණු සමෘද්ධි සහනාධාරය පවා කපා දැමීමට ජනාධිපති සහ ආණ්ඩුව ක්‍රියා කර ඇත.










