අධිකරණ නියෝගයෙන් දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ගොඩගැනීම අද

අධිකරණ නියෝගයෙන් දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ගොඩගැනීම අද

අභාවප්‍රාප්ත ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සඳහා අධිකරණ නියෝග මත අද (25) දිනයේ යළි ගොඩගැනීමට නියමිත ය.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇති බව අදාළ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණායෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව අදාළ දේහය ගොඩගැනීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණ විසින් අවසර ලබා දී ඇති අතර එය අද දිනයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ගොඩගැනීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්