රුපියල ශක්තිමත්වීම පිළිබඳ ප්‍රචාරයේ ඇත්ත මෙන්න

රුපියල ශක්තිමත්වීම පිළිබඳ ප්‍රචාරයේ ඇත්ත මෙන්න

මේ වනවිට ඩොලරයට සාපේක්ෂව රුපියල විශාල වශයෙන් ශක්තිමත් වී ඇති බවට සංඛ්‍යාත්මකව පෙන්වන මිත්‍යාව පිටුපස බරපතළ ආර්ථික කරුණු ගණනාවක් තිබෙන බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙති.

මූලික වහයෙන්ම දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් මීට අදාළ කරුණු පෙළ ගැසී තිබෙන අතර ජාත්‍යන්තර වශයෙන් ඩොලරයට පවතින ඉල්ලුම වෙනත් විකල්ප මූල්‍ය එකකවල නැගී ඒමත් සමඟ පිරිහී තිබීමේ වාසිය ලංකාවටද බලපා ඇති බව පෙන්වා දෙති.

ජාත්‍යන්තර වශයෙන් පවතින එම තත්වයටත් වඩා දේශීය වශයෙන් පවතින කරුණු ප්‍රබල බවද එම විශේෂඥයන් පෙන්වා දී තිබේ. ආණ්ඩුව දේශීය ණය විශාල වශයෙන් ලබා ගන්නා අතර ඒ වෙනුවෙන් ඉහළ පොලියක් ගෙවීම නිසා අනිකුත් ව්‍යාපාරික සහ මහජනතාව ණය ගැනීම සීමාකරමින් තිබීම ප්‍රධාන හේතුව වී තිබේ. ඒ සමඟම විදේශීය ණය ආපසු ගෙවීම අත්හිටුවා තිබීමත් ආනයන තහන්චි පනවා තිබීමත් නිසා දේශීය මූල්‍ය වෙළඳපොලේ ඩොලරයට තිබෙන ඉල්ලුම සැලකිය යුතු මටට්ටමකින් පහත වැටී ඇත.

යම් තරමක හෝ සුබදායී නැඹුරුවීමක් ලෙස පෙන්වාදිය හැක්කේ සංචාරක කර්මාන්තයෙන් සහ විදේශ රැකියා කරන්නන් මෙරටට එවන මුදල් යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබීම පමණක් වන අතර මෙරට ප්‍රමුඛ පෙළේ කර්මාන්තකරුවන් කඩා වැටීම ඊට වඩා විශාල වශයෙන් බරපතළ බවද විශේෂඥයන් හෙළිකර තිබේ.

යූරෝ මුදල් ඒකකයට සාපේක්ෂව ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලේ ඩොලරයේ පිරිහීම

Facebook
Twitter
LinkedIn