ජනාධිපති විසින් ම පත්කළ තනතුරකට පත් කළ තැනැත්තෙකු පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් නෙරපා හැරීමේ ක්‍රියාවලිය රනිල් වික්‍රමසිංහ විසින් සම්පූර්ණ කර ගැනීමත් සමඟ පොහොට්ටු පක්ෂය මුලුමනින්ම රනිල්ගේ ග්රහනයට ලක්වී ඇති බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙති.
මේ බව වඩාත් තහවුරු වන්නේ රනිල් වික්‍රමසිංහ සමඟ මේ දක්වා ක්‍රියා නොකළ පොහොට්ටුවේ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ගණනාවක් ඊයේ (24) මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ඉවත් කිරීමට පක්ෂව ඡන්දය දීමත් සමඟ ය. දුමින්ද දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, කුමාර වෙල්ගම, ජෝන් සෙනෙවිරත්න, ඒ. එල්. එම්. අතාවුල්ලා, ඒ. එච්. එම්. ෆවුසි ඇතුළු පිරිසක් මේ අතර පෙරමුණේ සිටිති.
මෙයට පෙර එවකට හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන්ට විරුද්ධව ජේආර් ජයවර්ධනගේ අවශ්‍යතාවය මත දෝශාභියෝගයක් ගෙන ඒමෙන් තනතුරෙන් නෙරපා හැරීමට කටයුතු කළේය. ජේආර් ජයවර්ධන විසින් ම පත්කළ එම අගවිනිසුරුවරයා ඔහුට අවනතව කටයුතු නොකිරීම නිසා දෝශාභියෝගය ගෙන ආ අතර නෙවිල් සමරකෝන් තනතුරෙන් ඉල්ලා අස්විය. ඉන් පසුව ශිරානි බණ්ඩාරනායකට විරුද්ධව දෝශාභියෝගයක් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ගෙනවිත් ඇයව අගවිනිසුරු ධුරයෙන් නෙරපා හරිනු ලැබීය.
ශිරානි බණ්ඩාරනායක නෙරපා හැරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ ජනක රත්නායක රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාවය මත පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් ඡන්දයෙන් නෙරපා හැරීම පෙර අවස්ථා දෙකටම වඩා සුවිශේෂී බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙති. රනිල් වික්‍රමසිංහ මුලුමනින්ම පොහොට්ටුව නතුකර ගෙන ඇති බවට යෝජනාවට පක්ෂව ලබා ගත් ඡන්ද 123න් තහවුරු වන බව පෙන්වාදී තිබේ.










