දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීම හෝ ප්‍රකාශ සටහන් කර ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හිටපු නීතිපති පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව නීතිපති ලෙස කටයුතු කළ සමයේ සිදුකරණ ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාසය අවස්ථා 03කදී හිටපු නීතිපතිවරයාට පැමිණිනෙන්නැයි ලිපි මගින් දැනුම් දී තිබිණි.

ඊට එරෙහිව හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අභායාචනාධිකරණයට ගොනු කළ රීට් පෙත්සම සලකා බැලූ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත.

හිටපු නීතිපති වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ්ද සිල්වා සමග ශානක කුරේ සහ දිමිත්‍ර අබේසේකර පෙනී සිටි ඇත.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටි පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා, එහි ස්ථානාධිපතිවරයා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසකට මැයි මස 10 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා අභියාචනාධිකරණය අද නොතීසිද නිකුත් කර තිබේ.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරියක අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඇය කියා සිටියේ මෙම පෙත්සමට අදාළව නිසි උපදෙස් කිසිවක් තමන් වෙත ලැබි නොමැති බවයි.

Facebook
Twitter
LinkedIn