ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ අවදානම සුවිශේෂී ලෙස ඉහළයි

ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ අවදානම සුවිශේෂී ලෙස ඉහළයි

මෙරට ණය ප්‍රතිව්‍යුහ ගත කිරිමේ අවදානම සුවිශේෂී ලෙස ඉහළ මට්ටමක පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර තිබේ.

එම අරමුදල පසුගිය මාර්තු මස 06 වෙනි දින ඉදිරිපත් කර තිබෙන “විධායක සාරංශය” නම් ලේඛනයේ “වැඩසහනේ අවදානම්” යන අනු සිරස්තලයෙන් මෙයට අදාල කරුණු හෙළි කර ඇත.

එහි සඳහන් කර තිබෙන්නේ “ණය ප්‍රතිව්‍යුහ ගත කිරිමේ සංකීරණ ක්‍රියාවලිය, අහිතකර බාහිර පරිසරය, අඛණ්ඩ ඉහළ උද්ධමණයේ දැඩි අවදානම් මෙන්ම අභියෝගාත්මක දේශපාලන හා සමාජ තත්වයන් සලකා බැලිමේදී වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අවදානම් සුවිශේෂී ලෙස ඉහළය.” යනුවෙනි.

ආණ්ඩුව මුලදි ප්‍රචාරය කර තිබුණේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන බවය. නමුත් පසුව හෙළිවූයේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරිමට පෙර දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව සැලසුමක් ඉදිරිපත් කර ඇති බවය. නමුත් ඊට අදාල කරුණු මේ දක්වා මහජනතාවට හෙළිකර නැති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමස්ත ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම පිළිබඳ අවදානම සුවිශේෂී ඉහළ මට්ටමක පවතින බව මුලදිම පුරෝකථනය කර තිබිණි.

Facebook
Twitter
LinkedIn