ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2023 පළමු කාර්තුව තුළ සෘණ 9.9%කින් දරුණු බිඳවැටීමක් සිදුවනු ඇති බව ජාත්‍යන්තර බ්ලූම්බර්ග් ආයතනයේ නවතම පුරෝකථනවලින් හෙළිකර තිබේ.
මෙයට පෙර එම ආයතනය මෙම වසරේ පළමු කාර්තුව තුළ ආර්ථික වර්ධන වේගය සෘණ 4.4%ක් වනු ඇති බවට පුරෝකථනය කර තිබිණි. එහෙත් නවතම පුරෝකථන අනුව පෙර කර තිබූ පුරෝකථන 200%ක් ඉක්මවූ ප්‍රමාණයකින් වැඩි වී ඇති අතර මෙය දරුණු ආර්ථික කඩාවැටීමක් බව පැහැදිලි වී ඇත.
මෙම බිඳවාටීමට හේතු වශයෙන් බ්ලූම්බර්ග් ආයතනය දක්වා ඇත්තේ අපේක්ෂා කළ තරමට විදේශ සංචිත වර්ධනය නොවීම, තව දුරටත් දැඩි අනයන සීමා ක්‍රියාත්මක වීම සහ මහ බැංකුවේ ඉහළ පොලී අනුපාත ක්‍රියාත්මක කිරීම මගින් ආර්ථිකය සංකොචනය වීමෙන් මිදීමට නොහැකිවීම තුළ සෘණ 9.9%ක කඩාවැටීමක් සිදුවනු ඇති බවය.
2









