හිටපු නීතිපතිගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

හිටපු නීතිපතිගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා විසින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබේ.

ඒ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ප්‍රකාශයක් ලබා ගැනීමට අදාළව තමන් වෙත නිකුත් කර ඇති කැඳවීම සම්බන්ධයෙනි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ මත දැක්වීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පසුගිය 19 වනදාත් 21 වනදාත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස අවස්ථා දෙකකදී හිටපු නීතිපති දප්පුල ද ලිවේරාට ලිපියක් මගින් දන්වා තිබූ අතර එම අවස්ථා දෙකේදීම ඔහු ඊට සහභාගී නොවීම හේතුවෙන් අද (24) දිනයේ යළි ඒ සඳහා කැඳවමින් ලිපියක් යොමු කර තිබිණි.

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා පසුගිය 19 වනදා නීතීඥවරයෙකු මාර්ගයෙන් පිටු 07ක විරෝධතා ලියවිල්ලක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත බාර දී තිබිණි.

කෙසේ වෙතත් අද දින හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී නොසිටියහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බව එම කොට්ඨාසය සඳහන් කර තිබිණි.

Facebook
Twitter
LinkedIn