රනිල් වෙනුවෙන් දෙන දිනේෂ්ගේ දානය සඳහා රාජ්‍ය සේවකයන්ට රු. 5000ක දඩයක්

රනිල් වෙනුවෙන් දෙන දිනේෂ්ගේ දානය සඳහා රාජ්‍ය සේවකයන්ට රු. 5000ක දඩයක්

පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවට සෙත්පැතීමේ රාත්‍රී ධර්මදේශනාවක් සහ පසුදින දහවල් සංඝයාවහන්සේලා උදෙසාවන ධානමය පිංකමක්, අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් සංවිධානය කර ඇති අතර ඒ සඳහා රාජ්‍ය ආයතන 10කින් රුපියල් 5,000, 2,500, 1,000, සහ 100 ලෙස මුදල් අයකමින් සිටි.

ඒ අනුව අගමැති දිණේෂ් ගුණවර්ධන යටතේ ඇති අමාත්‍යාංශවලට අයත් පළාත් සභා හා පළාත් පාලන අංශය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, රාජ්‍ය භාෂා කොමිසම, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණුව පිළිබඳ ආයතනය, මානව සම්පත් සංවර්ධනය කිරීමේශ්‍රී ලංකා ජාතික සභාව සහ බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව ආදී ආයතවල ප්‍රධානීන් අමතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අභ්‍යන්තර පාලන අතිරේක ලේකම් එම්.එල් ගම්මන්පිල විසින් මේ සඳහා මුදල් සම්පාදනය කරමින් ලිපියක්ද යොමු කර තිබේ.

ඒ අනුව අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයතනයන්හි විශේෂ ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරියෙකුගෙන් රුපියල් 5000ක මුදලක්ද පළමු ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරියෙකුගෙන් රුපියල් 2500ක මුදලක්ද අනෙකුත් සියලුම මාණ්ඩලික නිලධාරියෙකුගෙන් රුපියල් 1000ක මුදලක්ද සෙසු නිලධාරියෙකුගෙන් අවම වශයෙන් රුපියල් 100 මුදලක්ද ලෙස මෙම ලිපිය ගමින් ඉල්ලා ඇත.

ඒ අනුව එම දායක මුදල් 2023.05.10 දින හෝ ඊට පෙර රාජ්‍ය පරිපාලන අංශයේ අභ්‍යන්තර පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වෙත ලබාදෙන ලෙසත් ඉල්ලා තිබේ.

Facebook
Twitter
LinkedIn