CIDයට ඇමති ඩයනා අල්ලන්න බලය තිබෙනවා – අධිකරණය කියයි

CIDයට ඇමති ඩයනා අල්ලන්න බලය තිබෙනවා – අධිකරණය කියයි

ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරිම සම්බන්ධයෙන්, රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමේ බලතල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (24) දැනුම් දී තිබේ.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සිදුකර ඇත්තේ සංඥය වරදක් බවට මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලින් තහවුරු වී ඇති බැවින් ඇය මෙම නඩුවේ සැකකාරියක් බවට පත් කරන ලෙසට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න අධිකරණයට කරුණු ඉදිරිපත් කර මින් පවසා ඇත.

ඊට අදාළ තීන්දුව ප්‍රකාශ කරමින් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් අධිකරණයෙන් විශේෂ නියෝගයක් නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඒ සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලයක් ඇති බවත්ය.

Facebook
Twitter
LinkedIn