ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නව කැනේඩියානු මහ කොමසාරිස් එරික් වෝල්ෂ් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් අද (10) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කර තිබේ.
මෙම හමුව සඳහා කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන නිලධාරි ගෝබිනාත් පොන්නුතුරෙයි සහ ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ද එක්ව සිටියහ.
ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සහ වත්මන් දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට ලක්වී ඇති අතර මෙහිදී නව මහ කොමසාරිස් එරික් වෝල්ෂ්ගේ ඉදිරි රාජකාරි කටයුතු වෙනුවෙන් ජාතික ජන බලවේගය සුභපැතුම් එක් කර තිබේ.

0









