කරාපිටියේ සීටී ස්කෑන් යන්ත්‍ර දෙකම අක්‍රිය වෙයි

කරාපිටියේ සීටී ස්කෑන් යන්ත්‍ර දෙකම අක්‍රිය වෙයි

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍ර දෙක ම මේ වනවිට අක්‍රිය වී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටී.

රෝහල සතුව තිබූ සීටී ස්කෑන් යන්ත්‍ර දෙකෙන් එකක් පසුගිය වසරේ අක්‍රීය වී තිබූ අතර අනෙක් යන්ත්‍රය පසුගිය මාසයේ අක්‍රීය වී ඇත.

එක් යන්ත්‍රයක් අක්‍රීය වීමෙන් පසු සීටී ස්කෑන් විකිරණ පරීක්ෂණ අත්‍යවශ්‍ය රෝගීන් සඳහා සීමා කර තිබේ.

පසුගිය වසරේ අක්‍රීය වූ සීටී ස්කෑන් යන්ත්‍රය අක්‍රීය වී ඇත්තේ, එම යන්ත්‍රයේ බල්බයක් පිච්චි තිබීම හේතුවෙන් බව එකල රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබිණි.

සීටී ස්කෑන් කළ යුතු රෝගීන් හම්බන්තොට රෝහලට පිටත් කර යවා ස්කෑන් පරීක්ෂණ සිදු කරන බවත් හදිසි රෝගීන්ගේ ස්කෑන් පරීක්ෂණ රජයේ වියදමින් පුද්ගලික අංශය මගින් සිදු කරන බවත් මේ අතර වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn