ගෝටා පොහොර තහනම් කිරීමේ ප්‍රතිඵල එන්නේ දැන්

ගෝටා පොහොර තහනම් කිරීමේ ප්‍රතිඵල එන්නේ දැන්

රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් 2021 මහ කන්නයේ අක්කරයකට ලබාගත් වී අස්වැන්න 53%කින් අඩු වී ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය, රසායනික පොහොර තහනම සමඟ වගාවට එල්ල වූ බලපෑම් සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණයක දී අණාවරණය වී ඇත.

ඊට අමතරව රසායනික පොහොර තහනම හේතුවෙන් අර්තාපල් සහ ලොකු ළුෑණු අස්වැන්න 52%කින් අඩු වී ඇති අතර බඩඉරිඟු අස්වැන්න 68%කින් අඩුවී තිබේ. මිරිස් අස්වැන්නද 43%කින් පහත වැටී ඇත. එමෙන්ම 2021 මහ කන්නයේදී රසායනික පොහොර තහනම හේතුවෙන් එළවළු වගාව 57%කින් බිඳ වැටී තිබේ.

එක රැයකින් ක්‍රියාත්මක කළ රසායනික පොහොර තහනම නිසා මෙරට කෘෂිකර්මාන්තය විශාල වශයෙන් බිඳවැටෙන බව අදාල විද්වතුන් පර්යේෂකයන් මෙන්ම ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු දිගින් දිගටම අවධාරණය කර තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්