පොලිසියේ 260ක් මේ වසරේ සේවය අතහැර ගිහින්

පොලිසියේ රාජකාරි කරමින් සිටි 260 දෙනකු මේ වසරේ (2023) මේ දක්වා නොදන්වා පොලිස් සේවය අතහැර ගොස් ඇත ඇතැයි වාර්තා වේ.

මින් වැඩිම පිරිසක් පොලිස් කොස්තාපල්වරුන් සහ සැරයන්වරුන් බවද පැවසේ.

මින් බොහෝ පිරිසක් පොලිස් සේවය අතහැර ගොස් ඇත්තේ ආතතිය, ආර්ථික ප්‍රශ්න, අධික රාජකාරි, රාජකාරි බලපෑම් සහ අවිවේකී බව හේතුවෙන් යැයිද මෙම සියලු පිරිසට පොලිස් සේවය අතහැර යාමේ නියෝග නිකුත් කර ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

ගෙවුණු 2022 වසර තුළ පමණක් පමණක්ම පොලිස් නිලධාරීන් 900 පොලිස් සේවය අතහැර ගොස් ඇතැයිද පැවෙස්.

Facebook
Twitter
LinkedIn