මැතිවරණ කොමිසමට රාජ්‍ය ආයතන වුන පොරොන්දුව

මැතිවරණ කොමිසමට රාජ්‍ය ආයතන වුන පොරොන්දුව

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්‍රකා දින 05ක් ඇතුළතද අනෙකුත් ඡන්ද පත්‍රිකා දින 20ත් 25ත් ඇතුළතද මුද්‍රණය කර ලබා දීමට හැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පවසන්නේ, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මගින් අදාළ මුදල් ලබා ගන්නා ලෙස දැනුම් දුන් බවය.

එමෙන්ම මුද්‍රණාලයාධිපතිනිය කරන ලද ඉල්ලීම අනුව පොලිස් ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව සහ අවශ්‍ය දින පිළිබඳ තොරතුරු පොලිස්පතිවරයා වෙත යොමු කරන ලෙස හා ඒ අනුව අවශ්‍ය ආරක්ෂාව ලබාදිය හැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) විසින් දන්වා ඇති බවද කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි ඡන්ද විමසීමට අදාළ ඉන්ධන ලබා දීමේ තීරණය විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා ඛණිජ තෙල් සංස්ථා නිලධාරීන් විසින් ඉදිරි දින කිහිපය තුළදී ලබා දීමටද එකතාව පළ කර තිබේ.

එමෙන්ම ඡන්දයට ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින් ගේ මූලික වැටුප පමණක් ඡන්දය ප්‍රමාද වන කාලය තුළ ගෙවීමට සුදුසු බවද මැතිවරණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

Facebook
Twitter
LinkedIn