විදුරට, ඩීබීට වාරියපොලදී හූ සංග්‍රහයක්

විදුරට, ඩීබීට වාරියපොලදී හූ සංග්‍රහයක්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ බමුණාකොටුව සංස්කෘතික මධ්‍යස්ථානයේ විවෘත් කිරීමේ උත්සවයකට පැමිණි බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායකට සහ පශු සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමති ඩී.බී හේරත්ට එම ප්‍රදේශයේ ජනතාව විසින් හූ සංග්‍රහයක් ලබාදී පලවා හැර ඇතැයි වාර්තා වේ.

මෙම විවෘත කිරිමේ අවස්ථාවට ආරාධිතයින් කැඳවීම සඳහා මුද්‍රණය කර බෙදා හැර තිබූ ආරාධනා පත්‍රවල, බමුණාකොටුව සංස්කෘතික මධ්‍යස්ථානය ප්‍රදේශයේ කලාකරුවන් අතින් ජනතා අයිතියට පත්කරන බව සඳහන් කර තිබුණද අවසානයේ ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක සහ පශු සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමති ඩී.බී හේරත් අතින් එය විවෘත කර ඇත. එයට උරණ වූ, උත්සවයට පැමිණ සිටි ප්‍රදේශවාසීන් ඇතුළු ජනතාව ඇමතිවරු දෙනා උත්සව භූමියෙන් ඉවත්ව යන තුරුම හූ කියමින් විවිධ චෝදනා එල්ල කරමින් ඝෝෂා කර තිබේ.

Facebook
Twitter
LinkedIn