වැටුප් සහ දීමනා පිළිබඳ වෘත්තීය සමිති ගිවිසුමෙන් ඉවත්වෙන බව ඇමති කියයි

වැටුප් සහ දීමනා පිළිබඳ වෘත්තීය සමිති ගිවිසුමෙන් ඉවත්වෙන බව ඇමති කියයි

විදුලිබල මණ්ඩලයේ සහ බනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති සමග පවතින සේවක වැටුප් පිළිබඳ සාමූහික ගිවිසුමෙන් ඉවත්වීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දී තිබේ.

එම සාමූහික ගිවිසුම අනුව වසර 03කට වරක් 25%කින් වැටුප් වැඩිවන අතර වාර්ෂික ප්‍රසාද දීමනා සහ අනෙකුත් දීමනා ගෙවීම් පිළිබඳව එකඟතාවලට පැමිණ තිබිණි.

මෙම ක්ෂේත්‍රයේ රැකියාවේ නිරත බොහෝ සේවකයන්ට ඉතා ඉහළ වැටුප් සඳහා විදේශගතව එම රැකියාවලම නිරතවිය හැකි අතර මෙවැනි ක්‍රියාමාර්ග මගින් බොහෝ දුරට විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රවල රැකියාවේ නිරත වූවන්ද එම රැකියා අතහැර විදෙස්ගතවීමේ අවදානමක් මතුවනු ඇත. මේ වනවිට සෞඛ්‍ය, මූළ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසකටම එම අවදානම මතුව ඇත.

Facebook
Twitter
LinkedIn