නව බදු ප්‍රතිපත්තියට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරි සතියේ 13, 14 සහ 15 වැඩි වර්ජන ක්‍රියාමාර්ගවලට අවතීරණ වන බව අද (10) ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව එළඹෙන (13) උදෑසන 8.00 සිට බස්නාහිර, මධ්‍යම, දකුණ හා නැගෙනහිර පළාත්වල සියලුම රෝහල්වල වැඩවර්ජන දියත් කිරීමට තීරණය කර ඇත.
එමෙන්ම් (14) දිනයේ ඉතිරි පළාත් පහේ රෝහල්ද මෙම වැඩවර්ජනය සඳහා එක්කර ගැනීමටත් අඟහරුවාදා දිනයේද මේ සඳහා විසඳුමක් නොලැබුනහොත් බදාදා (15) උදෑසන අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමටත් තීරණය කළ බවත් එම සංගමය වැඩිදුරටත් පවසයි.
0









