ජාතික ජන බලවේගයේ ආරම්භක මැතිවරණ ප්‍රචාරක රැලියට ජන ගඟක්

ජාතික ජන බලවේගයේ ආරම්භක මැතිවරණ ප්‍රචාරක රැලියට ජන ගඟක්

මේ වනවිට කැඳවා ඇති පාළාත් පාලන මැතිවරණයට අදාලව අද (25) පස්වරුවේ අනුරාධපුරයේදී පැවති ජාතික ජන බලවේගයේ ආරම්භක ප්‍රචාරක රැලියට දසදහස් ගණනින් ජනතාව රැස්වී සිටිනු දක්නට ලැබිණි.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, එක්සත් වාමාංශික පෙරමුණේ ලේකම් අධිනීතීඥ ලාල් විජේනායක, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී ලාල්කාන්ත, අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති ධුර අපේක්ෂක වසන්ත සමරසිංහ, ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් විධායක සභික, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යන අංශයේ මහාචාර්ය සේන නානායක්කාර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පී.ඩී.එන්.කේ පලිහේන, හිටපු ආණ්ඩුකාර ලේකම් චන්ද්‍රා කරුණාරත්න, ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් විධායක සභික, ප්‍රවීන ජීවවිද්‍යා දේශක නාමල් ඒකනායක, ප්‍රවීන සාහිත්‍ය වේදිනී ශාන්ති දිසානායක, ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් විධායක සභික, ජන නියමු කලා කරුවෝ සංවිධානයේ සාමාජිකා, විශාරද කුමුදුනී ගුණවර්ධන, අනුරාධපුර මහ නගර සභාවේ අපේක්ෂක, ජාත්‍යන්තර පාපැදි සම්මේලනයේ විනිසුරු, එන්. කරුණාරත්න, නාගරික මන්ත්‍රිනී සීතා හේරත්, නාගරික මන්ත්‍රී කීර්ති වැවේගෙදර, නාගරික මන්ත්‍රී අසේල විජේසිංහ ඇතුළු පිරිසක් ඊට එක්වී සිටියහ.

Facebook
Twitter
LinkedIn