මහ කන්නයේ ගොයම් කහ පැහැ වීම සම්බන්ධයෙන් සිදු කළ පර්යේශන අනුව ඊට අදාළ හේතු 08ක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන ඇත.
ඊට අදාළ තොරතුරු අනාවරණය වන්නේ ශ්‍රී ලංකාවේ මහ කන්නයේ වී වගාව ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන ගොයම් කහ පැහැ වීමේ තත්වය සම්බන්ධව සති දෙකක් තිස්සේ කරන ලද නිරීක්ෂණයට අදාලව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරට බාර දුන් වාර්තාවක අඩංගු කරුණුවලිනි.
ඒ අනුව, ගොයම කහවීමට හේතුව පොස්පරස් (P) ඌනතාවය, පොටෑසියම් (K) ඌනතාවය, පොටෑසියම් හා පොස්පරස් දෙකම (P and K) එකවර ඌනවීම, නෙමටෝඩා විසින් ගොයම් ගස්වල මූල පද්ධතියට හානි කිරීම, පැල මැක්කාගේ Rice Thrift හානිය, දුඹුරු කීඩෑ උවදුර, කුඹුරුවල ලවනතාවය (Salinity), යකඩ විෂවීම (Iron Toxicity) යන තත්වයන් බව අනාවරණය වේ.
14










