සියලු දහම්ගැට අවසානයේ රනිලුත් ඡන්දයට බසියි

සියලු දහම්ගැට අවසානයේ රනිලුත් ඡන්දයට බසියි

මැතිවරණය කල් දැමීමට විවිධ උප්පරවැට්ටි යොදමින් සිටි පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානම් කිරීමේ කටයුතු පසුගියදා සිදු කර තිබේ.

ඒ අනුව ඡන්දයකට සූදානම් වන්නැයි ඔහු එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස ඊයේ (24) එම පක්ෂයට දැනුම් දී ඇත.

ඒ එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලය පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීය.

එහිදී, මැතිවරණ වැඩ කටයුතු කරගෙන යන ලෙස ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන් බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මාධ්‍ය වෙත පවසා තිබේ.

පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර, සභාපති වජිර අබෙිවර්ධන ඇතුළු එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ මණ්ඩලය මෙම හමුවට සහභාගී වී සිට ඇත.

කෙසේ වෙතත් පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා සඳහන් කර සිටියේ, තමන් මෙරට ජනාධිපති වූයේ රටේ ආර්ථිකය ගොඩනැගීමට විනා ඡන්ද කිරීමට නොවන බවත් එම නිසා මෙවර පළාත් පාලන මැතිවරණයේ කටයුතු සඳහා සහභාගී නොවී ස්වාධීනව කටයුතු කරන බවත්ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්