මැතිවරණ කල් දමන සෑම පාලකයකුටම උරුම වන්නේ ඉතිහාසයේ කුණු බක්කිය බව තමාගේ පෞද්ගලික අදහස යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පවසයි.
ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා දක්වන අදහස්,
“සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හැත්තෑ පහේදී ඡන්ද නොතියා ආණ්ඩුවේ කාලය පනතක් මගින් අවුරුදු දෙකක් දික් කරගත්තා. ජේ ආර් ජයවර්ධන මහත්තයා අතුරු මැතිවරණයෙන් ඉහළින්ම දිනූවා. පස්සේ හැත්තෑ හතේදි අන්ත පරාජයක් ලැබුවා. ඊට පස්සේ අසූ දෙකේදී ජනමත විචාරණයක් ගෙනැල්ල ඡන්දය කල් දැම්මා. ඔහු ඊට පස්සේ මැතිවරණයේදී පරාද වුණා. ඡන්දයට බය අයට ඉතිහාසයේ කුණුබක්කියට වැටෙනවා. ඉතිහාස සාධක එය ඔප්පු කර තිබෙනවා. මේ පාරත් එවන්නක් සිද්ධ වෙන්න පුළුවන්. මගේ අදහස ඒකයි.
සාධාරණ ප්‍රශ්න පත්‍රයක් පෙන්නුවොත් ඡන්දය කල් දාන්න පුළුවන්. නමුත් තවත් අයට එහෙම තත්වයක් නැහැ කියලා අධිකරණයට යන්නත් පුළුවන්.
කොහොම නමුත් අධිකරණයේ තීරණය මත තමයි සියල්ල තීරණය වෙන්නෙ.”
ලංකාදීප










