පුංචි ආණ්ඩු ඡන්දයට නාම යෝජනා කැඳවීමේ දැන්වීම අද

පුංචි ආණ්ඩු ඡන්දයට නාම යෝජනා කැඳවීමේ දැන්වීම අද

පුංචි ආණ්ඩු ඡන්දය ලෙස හැඳින්වෙන පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීමේ දැන්වීම අද (04) නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා සඳහන් කරයි.

ඔහු පවසන්නේ, දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් වෙත අද දිනයේ අදාළ දැන්වීම නිකුත් කිරිමට පියවර ගන්නා බවය.

එම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් විසින් අදාළ නිවේදනය හෙට (05) දිනයේ ප්‍රකාශයට පත්කරනු ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

ඡන්ද විමසීමට අදාළ ඇප මුදල් භාරගැනීම, අපේක්ෂකයින් සංඛ්‍යාව ඇතුළු සියලු විස්තර එම නිවේදනයේ සඳහන් කෙරෙන අතර නාම යෝජනා භාර ගැනීම හෙට දිනයේ සිට දින 14කින් පසු සිදුකිරීමට නියමිතය.

නාමයෝජනා භාරගැනීම දින තුන හමාරක කාලයක් සිදුකෙරෙන අතර අනතුරුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්