රනිල් පවුල් ලක්ෂ 37කට පොලු තියයි

රනිල් පවුල් ලක්ෂ 37කට පොලු තියයි

රට තුළ ආහාර අහේනියකට ඉඩ නොතබන බව රනිල් වික්‍රමසිංහ පත් කළ ජනාධිපති ලෙස විශාල ප්‍රචාරයක් ගෙන ගියද මේ වනවිට පවුල් ලක්ෂ 37ක් සහන ඉල්ලා අයදුම්පත් ඉදිරිපත් කර තිබුණත් ඒ අය වෙත සහන සැලසීමට කිසිදු වැඩ පිළිවෙලක් සකස් කර නැති බව අනාවරණය වේ.

අදාළ අයදුම්පත් ග්‍රාම නිලධාරී මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයට යොමු කර තිබේ. නමුත් එම අයදුම්පත් සම්බන්ධ මූලික විමර්ශන කටයුතු පවා මෙතෙක් අවසන් කර නැත. ජනතාධිපති ලේකම් කාර්යාලයේ වෙනම දුරකතන අංකයක් වෙන් කර ආහාර අහේනියෙන් සිටින අයට තොරතුරු ලබා දෙන ලෙස දන්වා තිබුණත් මේ වනවිට එම දුරකතන අංකයට ඇමතුම් ලබාදිය නොහැකි බවද අනාවරණය වී තිබේ.

මෙම වසර ආරම්භයේදී අති විශාල වක්‍ර සහ උපයන විට ගෙවීම් බදු ප්‍රමාණයක් ජනතාව මත පටවා තිබෙන අතර පසුගිය වසර තුළ ආහාර අහේනියෙන් පෙළෙන ජනතාව ඉතා විශාල වශයෙන් ඉහල ගොස් තිබෙන පසුබිමක රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අයවැය මගින් බදු ඉහල දැමීය.

Facebook
Twitter
LinkedIn