කොන්සියුලර් ගාස්තුත් ඉහළට

කොන්සියුලර් ගාස්තුත් ඉහළට

විදෙස්ගත වීමට අවශ්‍ය ලේඛන නිකුත් කිරීමේදී අය කරනු ලබන කොන්සියුලර් සේවා ගාස්තු ගාස්තු ඉහළ දමා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරන්නේ, සිය අමාත්‍යංශයේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාලවත් විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගිනුත් ලේඛන හෝ සහතික සත්‍යාපනය කිරීමට අදාළ ගාස්තු සංශෝධනය කරන බවය.

  1. විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද විභාග සහතික – රු. 800
  2. විදේශීය පුරවැසියෙකු සඳහා ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ඕනෑ ම ලේඛනයක් – රු. 3000
  3. යම් අපනයන ලේඛනයක් – රු. 8,000
  4. වෙනත් යම් ලේඛනයක් – රු. 1,200 ලෙස අදාළ ගාස්තු සංශෝධනය කර තිබේ.
  5. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, 2022.11.16 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2306/35ට අනුව අදාළ ගාස්තු සංශෝධනය කර ඇති බව ය.

මෙම ගාස්තු ඉහළ දැමීම 2023 වසරේ ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn