මියන්මාර හමුදා අධිකරණයක් විසින් අවුන්සාන් සුකීට තවත් වසර හතක සිරදඬුවමක් නියම කර ඇති අතර, ඒ අනුව ඇයගේ සමස්ත සිර කාලය වසර 33 දක්වා වැඩිකර තිබේ.
2021 පෙබරවාරි මාසයේදී හමුදා කුමන්ත්‍රණයකින් ඇගේ රජය නෙරපා හැරීමෙන් පසු වසරකට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ සිටි අතර එතැන් පටන් ඇය චෝදනා 19ක් යටතේ ඇයට නඩු පැවරී ඇති අතර මේ වන විට ඒ අතරින් 14කට ඇය වරදකරු වී තිබේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය පසුගිය සතියේ ඇය නිදහස් කරන ලෙසද වර්තමාන හමුදා රජයෙන් ඉල්ලා සිටි බවද මාධ්‍ය වාර්තා කර තිබුනි.
2










