වර්ණ සංඥා දෝෂයක් හේතුවෙන් මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය රැසක් මේ වනවිට නතර කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ වනවිට එම වර්ණ සංඥා දෝෂය යථා තත්වයට පත් කිරීමට සේවකයන් කටයුතු කරමින් සිටින බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
එම නවතා ඇති දුම්රියවල සිටින ජනතාව මෙම තත්වය හේතුවෙන් දුම්රියෙන් බැස ඉවත්ව යන බවත් කෙටි කාලයක් තුළ වර්ණ සංඥා දෝෂය යථා තත්වයට පත්කිරීමට හැකි වනු ඇති බවත් එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු වැඩිදුරටත් සඳහන් කළේය.
0










