පොලිසියෙන් සීසර්ලාටත් චක්‍රලේකයක්

පොලිසියෙන් සීසර්ලාටත් චක්‍රලේකයක්

කල්බදු (ලීසිං) හෝ මූල්‍ය සමාගම් වාහන හෝ උපකරණ අත්පත්කර ගැනීමක් පිළිබඳව අයිතිකරු ඉදිරිපත් කරන පැමිණිලි ඇතැම් පොලිස් ස්ථාන මගින් ප්‍රතික්ෂේප කරන බව වාර්තා වී තිබෙන බවද මින් ඉදිරියට එම පැමිණිලි බාරගෙන නිසි විමර්ශනයක් සිදු කළ යුතු බවද ඊට අවශ්‍ය නීති ක්‍රියාමාර්ග ගත යුතු බවද සඳහන් කරමින් පොලිස්පතිවරයා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

කල්බදු (ලීසිං) සමාගම් සහ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත්කර ගැනීමේදී වාහනයේ අයිතිකරු විරෝධය දක්වන්නේ නම් සමාගම් විසින් දිසා අධිකරණයේ නඩු පවරා වාහනය අත්පත් කර ගැනීමට නෛතිතව පියවර ගත යුතු යැයිද පොලිස්පතිවරයා නිකුත් කළ නව චක්‍රලේඛයක සඳහන් වේ.

වාහන කොල්ලකෑම, සොරකම් කිරීම ආදි වරදක් සිදු වුවහොත් ඒ පිළිබඳව පොලිසිය නීති ක්‍රියාමර්ග ගත යුතු බවද එම චක්‍රලේඛයේ සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්